හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු පදිංචිව සිටි රජයේ නිල නිවාසවල පවතින ගැටළු කිහිපයක් හේතුවෙන්, එම නිවාස පවරා ගැනීම මෙතෙක් අවසන් කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යාංශය විසින් හිටපු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ, මෙම ගැටළු කඩිනමින් විසඳා නිවාස පවරා දෙන ලෙසයි.
ලබන සතිය තුළ නිවාස භාර නොදුන්නේ නම්, එම නිවාස පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත්, තවදුරටත් හිටපු අමාත්‍යවරයකු හෝ ඔවුන්ගේ ඥාතීන් පදිංචිව සිටිනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.